Chulan Kumara Rathnayake

මාගේ දේශපාලන ප්‍රවේශය

රත්නායක මුදියන්සේලාගේ චූලන් කුමාර රත්නායක වන මම මහනුවර දිස්ත්‍රික්කයේ උපත ලබා දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, එප්පාවල, ඉහළ හල්මිල්ලෑව ප්‍රදේශයේ ගම් 13 ට නැදෑකම් කියමින් වාසය කරමි. උසස් අධ්‍යාපනයෙන් පසු ව වසර 25 ක කාලයක් රජයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු, ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙකු මෙන් ම, ව්‍යවසායකයෙකු ලෙසත් ශ්‍රී ලාංකීය ගෙන්දගම් පොළොව තුළ කටයුතු කරමි. ශ්‍රී ලංකාවට රාජ්‍ය භාෂා ප්‍රවර්ධනය මෙන් ම අනෙකුත් ජාත්‍යන්තර භාෂාවන් ඉගැන්වීමේ හා වෘත්තීය අධ්‍යාපනයේ පුරෝගාමී ආයතනයක් වන නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනයේ සභාපතිවරයා (Institute of Official Languages and Professional Studies – IOLPS) වශයෙන් ද කටයුතු කරමි. එසේ ම, ශ්‍රී ලාංකේය තාරුණ්‍ය ජාත්‍යන්තරය හා සම්බන්ධ කරන දකුණු කොරියාව මුල් කර ගත් රටවල් 45ක් පුරා ක්‍රියාත්මක, “තිරසර සංවර්ධනයක් සඳහා වූ ජාත්‍යන්තර තරුණ සංවිධානයේ” (SDG Youth International) අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කරමි. එසේම,  ශ්‍රී ලංකා විදෙස් වත්කම් කළමනාකරණ ඒජන්සිය හෙවත් (Ceylon Foreign Assets Management Agencies) හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කරමි. මෙම ආයතනය ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන රැගෙන ඒම අරමුණු කොට මෙන් ම විදෙස් රැකියා සපයන ආයතනයක් ලෙස ද කටයුතු කරයි.  එපමණක් නොව, සිසුන් 100 දෙනෙකුට නේවාසික පහසුකම් සමඟ නිදහස් හරිත පරිසරයක් තුළ ඉගෙන ගැනීමට පහසුකම් සපයා ඇති ග්‍රීන් විලේජ් කැම්පස්හි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ද කටයුතු කරමි. මෙසේ මා හට ඇති අත්දැකීම් හා පළපුරුද්ද දියුණු වීමට කැමැති, ස්වයං ව නැගී සිටීමට උත්සාහ කරන ශ්‍රී ලාංකේය ජනතාව වෙත ලබා දීමට අපේක්ෂිතයි. එසේම, ශ්‍රී ලාංකේය තාරුණ්‍ය ජාත්‍යන්තරය හා සම්බන්ධ කරන සුහද මිතුරෙකු ලෙස කටයුතු කිරීමට ද බලාපොරොත්තු වෙමි.

චූලන් කුමාර රත්නායක

අපේක්ෂක

මාගේ තනතුරු

Institute of Official Languages and Professional Studies

Chairman

Green Village Campus

Chairman

Institute of Official Languages and Professional Studies

Chairman

Green Village Campus

Chairman