Chulan Kumara Rathnayake
+94 716777757 info@chulan.lk
භික්ෂූන් වහන්සේලා සියක් නමක් සඳහා ධර්ම ප්රචාරයට අවශ්‍ය ඉංග්‍රීසි භාෂා දැනුම ලබා දීම වෙනුවෙන් එක් අවුරුදු ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක් ක්‍රියාත්මක කිරීම.
සූත්‍ර, විනය හා අභිධර්ම පිටකය වැනි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය අද ශ්‍රවණය කළ හැක්කේ පාලි භාෂාවෙන් හා සිංහල භාෂාවෙන් පමණි. මෙම ධර්මස්කන්ධය ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තරයට ගෙන යා හැකි හිමිවරුන් හා පඬිවරුන් ඉතා සීමිත සංඛ්‍යාවක් පමණක් වර්තමානයේදී වැඩ සිටී. ධර්මය උගත් භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් අතරින් 100 නමක් වහන්සේලා තෝරා ගෙන එම හිමිවරුන්ගේ ඉංග්‍රීසි භාෂා ඥානය වර්ධනය කිරීම සඳහා අංග සම්පූර්ණ ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් නොමිලේ පැවැත්වීමට 2025 වසරේදී කටයුතු කෙරේ.