Chulan Kumara Rathnayake

දෙවන වැඩපිළිවෙල

ශ්‍රී ලාංකේය තාරුණ්‍ය ජාත්‍යන්තරයට රැගෙන යාම

අපගේ ශ්‍රී ලංකාව පුංචි දිවයිනක් වුව ද එහි ජීවත් වන ජනතාව බුද්ධිමත්කම අතින් ලොව කිසිදු ජාතියකට දෙවෙනි වන්නේ නැත. එ‌හෙත්, අපගේ බුද්ධිමතුන් අතරින් ලෝකය තරණය කර ඇත්තේ ඉතාමත් ස්වල්ප දෙනෙකු පමණි. එයට හේතුව නම්, ප්‍රමාණවත් ජාත්‍යන්තර භාෂා දැනුමක් ලබා නොතිබීමත්, ජාත්‍යන්තරයට යාම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් පිළිබඳ ව අවබෝධයක් ලබා නොතිබීමත් වේ. එහෙත්, මාගේ මෙම වැඩපිළිවෙල තුළින් මම සූදානම් වන්නේ පෞද්ගලික ව මම ජාත්‍යන්තරය ජය ගත් ආකාරය ශ්‍රී ලාංකේය තාරුණ්‍ය සඳහා හඳුන්වා දීමත්, ඔවුන් සඳහා එම අවශ්‍ය මාර්ගය පෙන්වා දීමත් වේ. මේ මගින් මාගේ අපේක්ෂාව වන්නේ ශ්‍රී ලාංකේය තාරුණ්‍ය දැනුමෙන්, ආකල්පයෙන් හා කුසලතාවෙන් ශක්තිමත් කිරීමත්, ශ්‍රී ලාංකේය සභ්‍යත්වය ජාත්‍යන්තරයට රැගෙන යාමට ඔවුන් දිරි ගැන්වීමත්, ජාත්‍යන්තරය තුළ ඇති යහපත් දේ අපගේ රටට ගෙන වීමට හැකි වන ලෙස ශ්‍රී ලාංකේය තාරුණ්‍ය ශක්තිමත් කිරීමත් වේ. මෙම වැඩ සටහනෙහි වැඩි ප්‍රතිලාභ අනුරාධපුර ජනතාවට ලබා දීමත් මාගේ අධිෂ්ඨානයයි. මේ සඳහා ක්‍රමවත් උපාය මාර්ගික වැඩ පිළිවෙලක් සකස් කර ඇති අතර එය 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ඇත. මෙම වැඩ පිළිවෙල මගින් ගමේ සිටින තරුණයා/තරුණිය ඉතාමත් පහසුවෙන් ජාත්‍යන්තර සබඳතාවන් ගොඩනගා ගැනීම මෙන් ම තම ජීවන තත්වය උසස් කර ගැනීම ද සිදු කර ගනී.