Chulan Kumara Rathnayake
+94 716777757 info@chulan.lk
මත්කුඩු සහ අනෙකුත් නීති විරෝධී කටයුතුවලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන් රැක ගැනීමට පෙරමුණ ගෙන කටයුතු කිරීම.
අපගේ රටේ අනාගතය දරුවන් මත රඳා පවතී. එම දරුවන් නිසි අයුරින් රැක බලා ගැනීම දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, වැඩිහිටියන්ගේ මෙන් ම සමස්ත ජනතාවගේ වගකීමයි.
වර්තමානය වන විට එම වගකීම ඉටු කිරීමට අදාළ අය උත්සාහ කළ ද සැලකිය යුතු ලෙස අපරාධ ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර මෙහි සැලකිය යුතු කොටසක් දේශපාලනයට ප්‍රවේශ වීමට ප්‍රථම ව ද මවිසින් ක්‍රියාත්මක කර ඇත. එම කාර්යයන් කාර්යක්ෂමතාවයකින් යුතුව ඉටු කීරිම ඉදිර්ෂයේදී බලාපොරොත්තු වෙමි. එහි එක් පියවරක් ලෙස අපරාධ අවම කිරීම සඳහා නගර බද සහ ග්‍රාමීය ප්‍රදේශ මාර්ග ආවරණය වන පරිදි OCTV කැමරා පද්ධතීන් සවි කර ආසන්න පොලිස් ස්ථානයට නිරීක්ෂණයට ලබා දීම සහ දිවයිනේ සියලු ම පොලිස් ස්ථාන සඳහා ඩ්‍රෝන කැමරා (Drone Camera) හඳුන්වා දීම මගින් පොලිස් ස්ථානය තුළ සිට ප්‍රදේශයේ අපරාධ හඳුනා ගැනීමට හා ඒවා පාලනය කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීමට යෝජනාවක්, පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරමි.