Chulan Kumara Rathnayake
+94 716777757 info@chulan.lk
සෑම නිවසක ම ඉංග්‍රීසි කතා කරන දරුවෙකු බිහි කිරීම.
ලෝකය ජය ගැනීම සඳහා අත්‍යවශ්‍ය ජාත්‍යන්තර භාෂාව වන්නේ ඉංග්‍රීසි භාෂාවයි. අද වන විට ශ්‍රී ලාංකිකයින් අතරින් ප්‍රතිශතයක් ලෙස 22% ක පමණ ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂා දැනුම ලබා ගෙන එය භාවිත කළ හැකි තත්වයට පත් ව ඇති බව මෑත කාලයේ සිදු කරන ලද සමීක්ෂණයෙක් මගින් පෙන්වා දී ඇත.මින් පෙනී යන්නේ අපගේ ජනතාව තුළ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රමාණවත් පරිදි වර්ධනය වී නොමැති බවත්, කඩිනමින් එය ප්‍රචලිත කළ යුතු ව ඇති බවත් ය.
මෙම අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා “සෑම නිවසක ම ඉංග්‍රීසි කතා කරන දරුවෙකු බිහි කිරීම ” යන තේමාව යටතේ මා විසින් ආරම්භ කර ඇති ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කඩිනමින් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන අතර ඒ මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන් කඩිනමින් සිය ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි දියුණු කර ගැනීම සිදු කර ගනු ඇත. එමෙන්ම, නව රැකියා අවස්ථාවන් රාශියක් ද මෙම ව්‍යාපෘතිය තුළින් බිහිකිරීමට සැලසුම් කර ඇත.