Chulan Kumara Rathnayake

පස්වන වැඩපිළිවෙල

දැනුම, ආකල්ප, කුසලතා සහ මානසික සංවර්ධනය සඳහා මග පෙන්වීමට සුදුසුකම් ලත් කණ්ඩායමකින් යුතු ස්වෙච්ඡා ඒකකයක් ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීම.

අද අප රටේ දරුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට කුමක් හෝ මානසික ආතතීන් තත්ත්වයක් දැකිය හැකි වේ. අධික කෝපය, අධ්‍යාපනයට නැඹුරු නොවීම, ජංගම දුරකථනය සඳහා ඇබ්බැහි වීම, අකීකරු වීම, අඩු වයසේ ප්‍රේම සබඳතාවන්, අඩු වයස් විවාහ, සිය දිවි හානි කර ගැනීම් ඒ අතර දැකිය හැකි වේ. එසේ ම, වැඩිහිටියන් අතර පවුලේ අසමගිය, දරුවන්ට හිරිහැර කිරීම, මත්පැන් පානය ආදී කරුණු මත මානසික අසහන තත්ත්වයන් දැකිය හැකි වේ. එසේ ම, ව්‍යාපාරිකයින් හා ව්‍යවසායකයින් අතර එම ව්‍යාපාර හෝ ව්‍යවසාය කඩා වැටීම තුළ ඇති වූ අධික මානසික ආතතීන් තත්ත්වයන්ට පත් ව ඇත. මෙම කණ්ඩායම් නැවත නගා සිටුවීම සඳහා හරවත් සැලැස්මක් සහිත ස්වෙච්ඡා ඒකකයක් ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය අවස්ථාවන්හිදී රජයේ මගපෙන්වීම ද ලබා ගැනීමට අපේක්ෂිතයි. මාගේ දේශපාලන ප්‍රවේශය තුළ මා විසින් ඉටු කිරීමට බලාපොරොත්තු වන තවත් එක් වැඩ පිළිවෙලක් ලෙස මෙය හඳුන්වා දිය හැකි වේ. මෙම ඒකකය සඳහා ප්‍රදේශය තුළ සිටින උගත්, බුද්ධිමත්, නව අධ්‍යාපනය ලත් අයවලුන් සහ විශ්‍රාමික මහත්ම මහත්මීන්ගේ සහය ලබා ගැනීමට කටයුතු කෙරේ. අවශ්‍ය අය සඳහා දෙස් / විදෙස් පුහුණුවක් ලබා දීමට ද කටයුතු කෙරේ.