Chulan Kumara Rathnayake
+94 716777757 info@chulan.lk
වන අලි ගම් වැදීම අවහිර කිරීමට ස්වභාවික ක්‍රමවේදයක් සකස් කිරීම.
අද වන විට අලි මිනිස් ගැටුම උග්‍ර අතට හැරී ඇත. එක දිනක මිනිසෙකු අලි ප්‍රහාරයෙන් මිය ගොස් සිටින බව අපට අසන්නට ලැබෙන විට තවත් දිනක මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලින් මිය ගොස් සිටින බව අපට අසන්නට ලැබේ. මිනිසා අපගේ පෘථිවියේ සිටින බුද්ධිමත් ම සත්ත්වයා වුවද ඔහු ඔහුගේ ඥානය හරි හැටි භාවිත කරන බවක් නොපෙනේ. නොඑසේ නම්, මෙම අලි මිනිස් ගැටුම විසඳීම සඳහා උවමනාවක් ඇති බවක් නොපෙන්වයි. මාගේ දේශපාලන ප්‍රවේශය තුළ සෑම ගැටලුවක් සඳහාම ඉදිරිපත් කරන්නේ ප්‍රායෝගික විසඳුම් වන අතර මෙම අලි මිනිස් ගැටුම විසඳීමට ද වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරමි.
මාගේ වැඩ පිළිවෙල පියවර හතරකින් යුක්ත වේ.
01. අලි ඇතුන් හට ගම් වැදීමට නොහැකි වන ලෙස ස්වභාවික ආවරණ වැටවල් දෙකක් ඉදි කිරීම. එනම්, පළමු වැට ලෙස දෙහි හා ලෙමන් වැටක් වනාන්තරයට සමීපයෙන් ම වැවීම.
02. දෙවන වැට ලෙස තල් වැටක් ඉදි කිරීම.
03. දෙහි සහ ලෙමන් වැට අතර සමාන්තර දුරකින් සිටින සේ මී මැසි පාලනයක් වෘත්තීය මට්ටමින් ගම් වැසියන්ගේ සහභාගිත්වයෙන් යුතුව ආරම්භ කිරීම.
04. අලි ඇතුන් සඳහා ආහාර අවශ්‍යතාවන් කැලය තුළින් ම සපයා ගැනීම සඳහා සුදුසු වර්ගයේ බීජ කැලය තුළ වැපිරීම සහ අවශ්‍ය ජල පහසුකම් සැපයීම.