Chulan Kumara Rathnayake

දසවන වැඩපිළිවෙල

තම වගා බිමේ කුලීකරුවන් බවට පත් වූ අහිංසක ගොවියන් නැවත ඉඩම් හිමි ගොවියන් බවට පත් කිරීමට මැදිහත්වීම.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කටයුතුවල නිරත වන බොහෝ ගොවීන් උරුමයෙන් හෝ මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉඩකඩම් හිමි ව බොහෝ දුෂ්කරතාවන් මධ්‍යයේ ගොවිතැන් කටයුතු කරමින් ජීවත් වන පිරිසකි. ගොවියන් අතරින් අතළොස්සක් පමණක් ගොවි ව්‍යවසායකයින් වී දියුණුවට පත්ව ඇත. තවත් පිරිසක් තම කුඹුරු ඉඩම් උකස් කර ඇත්තේ දරුවන්ගේ පවතින අවශ්‍යතාවන් හෝ වෙනත් අත්‍යවශ්‍ය ම කරුණු සම්පූර්ණ කර ගැනීම වෙනුවෙනි. කෘෂි ආම්පන්න මිල ඉහළ යාම, බෙහෙත් පොහොර මිල, සත්ත්ව හානි, ස්වභාවික විපත් හා අස්වැන්නට නිසි මිලක් නොමැතිකම ද ගොවීන්ගේ ආර්ථික ගැටලුවට හේතූන් වේ.

එසේ ම, කුඹුරු ඉඩම් උකස් කරන ලද ගොවියන් තම ඉඩම්වල ම කුලීකරුවන් බවට පත් ව ඇත්තේ එම ඉඩම් නැවත බේරා ගැනීමට නියමිත ක්‍රම වේදයක් නොමැති නිසාවෙනි. එම ගැටලුව විසඳීම සඳහා තිරසර වැඩ පිළිවෙලක් සකස් කර ඇති අතර නිශ්චිත කාලයක් තුළ තම ඉඩම් නැවතත් තමන්ට ම ලබා ගැනීමට මේ මගින් හැකියාව ලැබේ