Chulan Kumara Rathnayake
+94 716777757 info@chulan.lk
කුඩා සහ මධ්‍ය පරිමාණ සහල් මෝල්හිමියන් නැවත බලගැන්වීම සහ සහල් සැපයීම ස්ථාවර කිරීම.
අද වන විට ශ්‍රී ලංකාවේ සහල් ඒකාධිකාරය මහා පරිමාණ සහල්මෝල් හිමියන් විසින් තබා ගෙන ඇත. ඒ මගින් ඔවුන් සහල් මිල පමණක් නොව, වී මිල ද තමන්ට අවශ්‍ය පරිදි පාලනය කරමින් ඇත. අවශ්‍ය ආකාරයට ක්ෂණික ව රට තුළ සහල් හිඟ මැවීම ඔවුන් විසින් සිදු කරයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රමවත් සැලැස්මක් යෝජනා කරන අතර ඒ සඳහා කුඩා සහල් මෝල් හිමියන් සහ ඒ ආශ්‍රිත ගොවියන් ඒකාබද්ධ කර සහල් නිෂ්පාදනයට කටයුතු කිරීමත්, එම නිෂ්පාදනය කරනු ලබන සහල් අලෙවිය සඳහා නව සහල් ව්‍යවසායකයෙකු ඇති කිරීමටත් සැලසුම් කර ඇත. එවිට කුඩා සහල් මිල හිමියන් විසින් නිෂ්පාදනය කරනු ලබන සහල් තම පළාත තුළ සහ ඉන් පිටත ක්‍රමවත් ලෙස බෙදා හැරීම සිදු කෙරේ. රටේ සහල් මිල පාලනය කිරීම සඳහා යම් පිටිවහලක් මේ මගින් ලැබීම මෙන්ම ගමේ මුදල් ගම තුළ සංසරණය වීම මෙහි ඇති එක් ප්‍රධාන වටිනාකමකි.